පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියාවකට අයැදුම් කළ තියඹරා සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳැවනු ලැබිණි.
නිලධරයා - 2+2 කීය ද ?
තියඹරා - ම් ... ම් .... ම් ... 4 යි නේ ද ?
නිලධරයා - 100යේ වර්ග මූලය මොකක් ද ?
තියඹරා - ම් ... මේ ... ම් .... ම් ... 10ය නේ ?
නිලධරයා - බොහොම හොඳ යි. එයිබ්‍රහෑම් ලින්කන්ව මැරුවේ කවුද ?
තියඹරා - ම් ... මේ ... ම් ... දන්නෙ නෑ.
නිලධරයා - හොඳ යි, මිස්. දැන් ගිහිල්ලා, හොඳට කල්පනා කරලා, ඒ කවුද කියලා හොයා-ගෙන හෙට එන්න.
නිවෙසට පැමිණි තියඹරා ගෙන් ඇගේ මව මෙ සේ ඇසුවා යැ.
මව - මොකද ළමයෝ, රස්සාව හම්බු වුණා ද ?
තියඹරා - හම්බු වුණාදත් අහනවා. අද ම මට මිනී මැරුමක් හොයන්න බාර දුන්නා.
No comments:
Post a Comment