Thursday, August 4, 2016

අන්දන්න හිතුවා මදි...

කුඩා උඩුදැළිය කරනවෑමි (බාබර්) සාප්පුවට ඇතුළු වී සුපුරුදු උස් අසුනේ වාඩි විය. කරනවෑමියා තමා කොණ්ඩය කපමින් සිටි මිනිස‍ා ගේ කනට කොඳුරා මෙ සේ කී යැ.
කරනවෑමියා - මේ පොඩි එකා තමයි ලෝකෙ ඉන්න මැටි මෝල් ම කොලුවා. ඔන්න බලාගන්නකෝ.
එ සේ පැවැසූ කරනවෑමියා රුපියල් සීයේ කොළයක් එක් අතකටත් රුපියල් පහේ කාසි කිහිපයක් නෙක් අතටත් ගති.
කරනවෑමියා - ළමයෝ, කැමති අතක තියෙන සල්ලි ගන්න පුළුවන්.
රුපියල් පහේ කාසි කිහිපය අතට ගත් උඩුදැළිය ළමයා පිට වී ගියේ යැ.
කොණ්ඩය කපා-ගෙනැ පිටතට පැමිණි මිනිසා දුටුවේ ආයිස්ක්‍රීමයක් කමින් සිටි උඩුදැළිය ළමයා යි.
මිනිසා - ළමයෝ, මං ප්‍රශ්නයක් අහන්නද ? ඇයි සීයෙ කොළේ නොගෙන මාරු කාසි ටික ගත්තේ ?
උඩුදැළිය - (ආයිස්ක්‍රීමය ලෙවකා) රුපියල් සීය ගත්ත ගමන් මේ සෙල්ලම ඉවර වෙනවනේ.

No comments:

Post a Comment