Thursday, August 4, 2016

ප්‍රශ්න පත්තරේ...

උඩුදැළිය පාසල් යන කාලයේ ප්‍රශ්න පත්‍රවලට දුන් පිළිතුරුවලින් තෝරා-ගත් කිහිපයෙකි ‍මේ.
01. 1896න් අවසන් වූයේ කුමක් ද
1895.
02. ලොව ශක්තිමත් ම බලය කුමක් ද ?
ආදරය.
03. විහිදුවා ලියන්න
(a+b)n
(a ...+... b) ...n
(a......+......b)......n
(a.......... +.......... b).......... n
04. දැඩි ජලය යනු කුමක් ද ?
අයිස්.
05. ජීවීන් වර්ගීකරණය යනු කුමක් ද ?
වර්ග භේද වාදය.
06. අ) 180 ද 158 ද අතර වෙනස ........
22.
ආ) ඉහත ගැටලුවට පිළිතුර සොයා-ගත් ආකාරය විස්තර කරන්න.
ගණිතයෙන්‍.
07. ඇමෙරිකා නිදහස් ප්‍රකාශනය අත්සන් කළේ කොතැන ද?
එහි පහළින් ය.
08. හේතුව - පීරොම්බස් දිනකට විනාඩි 20ක් පියෑනෝ වාදනය පුහුණු වෙයි.
ප්‍රතිඵලය - එයා හරිම ආනාදියෙක්.
09‍. මුළින් ම ඇති වූ සෛල බොහෝ දුරට ....
පාළුවෙන් ඉන්න ඇත.
10. සෛල මධ්‍යයේ ක්‍රෝමසෝම පේළිගැසෙන්නේ කුමන අවස්ථාවේ දී ද ?
ඒක රහසක්.
11. පීරොම්බස් ළඟ කෙයික් කෑලි 50ක් ඇත. හෙතෙම ඉන් කෑලි 48ක් ම කයි.
ඔහුට දැන් ඇත්තේ ........ ?
දියවැඩියාව. මළ ඉලව් දියවැඩියාව.

No comments:

Post a Comment