තරුණ කාලයේ රැකියාවක් සොයමින් සිටි තියඹරාට ගමේ ෆාමසියේ වැඩ කරන්නට අවස්ථාව ලැබිණි. දෙ වැනි දිනයේ ෆාමසියේ හිමිකරුට දෙතුන් දිනෙක ගමනක් යෑමට සිදු වුණු බැවින් තනි වැ වැඩ කිරීමට හැකි දැයි හෙතෙම තියඹරා ගෙන් ඇසී යැ.
තියඹරා - පුළුවන් බොස්, හැබැයි මේ උපත් පාලන කොපු විකුණන එක තමයි ප්‍රශ්නේ. මට හරිම ලැජ්ජ යි.
හිමිකරු - ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. මිනිස්සු උපත් පාලන කොපු හරි කොන්ඩෝම හරි කියල ඉල්ලන්නෙ නෑ. එයාල ඉල්ලන්නෙ 310 (කුඩා), 320 (මධ්‍යම) නැත්නම් 330 (විශාල) කියලා.
පළමු දිනය හොඳින් ගෙවිණි. දෙ වැනි දිනයේ ෆාමසියට පැමිණි විශාල දේහයකින් යුතු මිනිසෙක් අත දිගු කැරැ, "350 යි," යැයි කී යැ.
තියඹරා ගේ ඇඟ හිරි ගඩු පිපිණි.
වහා ඇතුළට ගිය ඕ තොමෝ අයිතිකරු ගේ ජංගම දුරකතනයට කතා කොට තමාට සිදු වූ අකරතැබ්බය ගැන කියා සිටියා යැ.
හිමිකරු - බලන්න, මිනිහා කකුල් දෙක අතරෙ බාල්දියක් තියා-ගෙන ඉන්නවද කියලා.
දොර තීරුවෙන් එබී බැලු ඇය දුටුවේ මිනිසා දෙ පා අතර බාල්දියක් සිර කැරැ-ගෙන සිටිනා බව යි.
තියඹරා - ඔව්, බොස්, බාල්දියක් හිර කරගෙන තමයි ඉන්නේ.
හිමිකරු - එහෙනම්, ගිහිල්ලා මිනිහට රුපියල් 350ක් දෙන්න. ඒ අපේ ජනේල පිහදාන මනුස්සයා.
(ස්තූතිය - රන්කිරි ගුණතිලක හිතවතාට)
No comments:
Post a Comment