Thursday, August 4, 2016

බල්ලට ගිල්වූ පෙත්ත...

බොහෝ වෙහෙසට පත් පෙනුමකින් යුතු වැ තියඹරා වෛද්‍ය අඩතෝට්ටු (දොරක් අඩවල් වූ) වෙත පැමිණියා යැ. “ඩොක්ටර්, අපේ පැත්තේ බල්ලෝ වැහි වැහැලා. මුළු දවස පුරා යි, රෑ තිස්සෙයි උන්ගෙ වැඩ බුරන එක ම යි. මට ඇහැක් පියා-ගන්න දෙන්නෙම නැහැ !”
“බය වෙන්න එපා,” යි වෛද්‍ය අඩතෝට්ටු, සෑම්පල ලෙසින් ලැබී තිබුණු බෙහෙත් වර්ග පිරි ලාච්චුවක් අතපත ගාමින්, පිළිතුරු දිනි. “මෙන්න තියෙනවා විදුලි වේගෙන් වැඩ කරන අලුත් නිදි පෙති වර්ගයක්. මේකෙන් ඔයාගෙ ප්‍රශ්නෙ විසඳේ වි.”
“නියම යි,” යැයි තියඹරා පිළිතුරු දුන්නා යැ. “මට දැන් මොනව හරි කමක් නෑ කරලා බලන්න යි වෙලා තියෙන්නේ. මේකත් කරලා බලමුකෝ.”
සති කිහිපයකට පසු යළිත් වෛද්‍යවරයා වෙත ආයේ පෙරටත් වඩා ඇදී පැදී ගොසිනි. “ඩොක්ටර්, ඔයාගෙ ප්ලෑන් එක සත පහක වැඩක් නෑ. මට දැන් කලින්ටත් වඩා අමාරු යි !”
“එහෙම වෙන්න බෑ නේ !” යි වෛද්‍ය අඩතෝට්ටු ඊට විරුද්ධ විය. “දැනට තියෙන හොඳ ම පෙත්ත තමයි මම ඔයාට දුන්නේ.”
“ඒක ඇත්ත වෙන්න ඇති,” යි යනු තියඹරා ගේ පිළිතුර විය. “ඒ වුණාට මම තාමත් මහ රෑ බල්ලො පස්සෙ දුවනවා.”
“ඒ මොනවට ද ?” යි වෛද්‍යවරයා විමැසී යැ.
“ඇයි උන්ව අල්ලන්න එපායැ. අමාරුවෙන් එකෙක් ඇල්ලවා කියමුකෝ. ඒ ඇල්ලුවත් ඒකට පෙත්ත ගිල්ලන්න ගියාම මගෙ රිස්ස යනවා !”

No comments:

Post a Comment