Thursday, August 4, 2016

නියම ප්‍රොක්ටර්..

මිලියන ගණනාවක් වංචා කිරීම සම්බන්ධයෙන් එක්තරා සමාගමක් විසින් පීරොම්බස්ට විරුද්ධ ව නඩු පවරන ලදී. පීරොම්බස් වෙනුවෙන් පෙනී සිටියේ උඩුදැළිය නීතීඥවරයා යි. නඩුව ආරම්භයේ දී මැ උඩුදැළිය නීතීඥවරයා කාරුණික ලෙස පීරොම්බස්ට කියා සිටියේ මෙ සේ යි -
උඩුදැළිය - කිසි දේකට බය වෙන්න එපා. ඔය තරම් සල්ලි එක්ක ඔයා‍ට කවදා වත් හිරේට යන්න මං ඉඩ තියන්නෙ නෑ.
උඩුදැළිය පැවැසූ දේ අන්තිමට සැබෑ විණි. අවසානයේ පීරොම්බස් සිරයට ගියේ යැ. ඒ වන විට ඔහු ළඟ සතයක් වත් ඉතිරි වැ නො තිබිණි.

No comments:

Post a Comment