Thursday, August 4, 2016

ෆයිනල් නෝටිස්...

කාලයකට පසු උඩුදැළිය සතුටින් සිටිනු දිටිමි.
මම - ඔබතුමා අද බොහොම සතුටින් ඉන්නව නේ ද ?
උඩුදැළිය - ඔව් නේ.
මම - ඇයි ඒ ?
උඩුදැළිය - මෙහෙමනේ. අවුරුදු විස්සක් තිස්සේ ආදායම් බදු කට්ටිය මගේ පස්සෙන් පන්නනවා. මගෙ සල්ලි මිරිකලා ගන්න මාව පිස්සු වට්ටනවා. හරිම වදයක්. අද උදේ එයාලගෙන් මට ලියමනක් ආවා ''අවසන් නිවේදනය" කියලා. දෙයියන්ට පින් සිද්ද වෙන්න අදින් පස්සේ ඒ කරදරෙත් ඉවර යි.

No comments:

Post a Comment