Thursday, August 4, 2016

ඉතුරු තීන්ත...

උඩුදැළිය පවුල අලුතින් නිවෙසක් මිලට ගෙන එහි ඇතුළත සරසන්නට පටන් ගත් හ.
තියඹරා - වස්තුවේ උඩූ .... අල්ලපු ගෙදරට ගිහිල්ල අහන්නකෝ එයාලට ලීටරේ තීන්ත බාජන කීයක් ගියා ද කියලා. මේ ගෙවල් දෙක ම එක සමාන නේ.
අල්ලපු ගෙදරට ගිය උඩුදැළියට එහි සිටි පීරොම්බස් ගෙන් දැනැ-ගන්නට ලැබුණේ ඔවුනට තීන්ත බඳුන් 20ක් ගෙනා බව යි. ඒ නිසා උඩුදැළියලා ද තීන්ත බඳුන් 20ක් ගෙනා හ. එහෙත්, තීන්ත ගා අවසානයේ දී තීන්ත බදුන් 5ක් මැ ඉතිරි විණි. කෝපයට පත් උඩුදැළිය අල්ලපු නිවෙසට දිවැ ගියේ යැ.
උඩුදැළිය - ඒයි, ජරා මනුස්සයෝ, ඇයි මට ඇත්ත නොකිව්වේ ? තීන්ත බඳුන් 5ක් ම ඉතුරු වුණා නේ.
පීරොම්බස් - ඇත්ත තමයි මං කිව්වේ. අපෙත් 5ක් ඉතුරු වුණා.

No comments:

Post a Comment