Thursday, August 4, 2016

මාස තුනේ පඩි..

කර්මාන්තශාලාවක් තුළ අරමුණකින් තොර වැ මිනිසෙක් සිටැ-ෙගන සිටියේ යැ.
ඒ තැනට පැමිණි ප්‍රධාන අධීක්ෂණ නිලධර උඩුදැළිය ඔහු ගෙන් වැටුප කීය දැයි අැසී යැ.
"රුපියල් 5000 යි, සර්," යැයි මිනිසා පිළිතුරු දිනි.
සිය වොලට්ටුවෙන් රුපියල් 15,000ක් මැ ගත් ප්‍රධාන අධීක්ෂණ නිලධර උඩුදැළිය ඒය මිනිසා අතට දී,
"අපි මෙතන පඩි ගෙවන්නෙ වැඩ කරන්න මිසක් කාලය කන්න නෙවෙයි. මෙන්න මාස තුනක පඩි. දැන් යන්න පුළුවන්. අායෙ මේ පැත්ත පළාතෙ ඒන්න ඒපා !" යි අණ දිනි.
මිනිසා පිට වැ ගියේ යැ.
අධීක්ෂණ නිලධර උඩුදැළිය, "කවුද ඒ් කම්මැලියා ?" යි ඒහි සිටි සේවකයන් ගෙන් විමැසී යැ.
''ඒ් සර්, කූරියර්කාරයනේ," යි සේවකයකු පිළිතුරු දිනි.

No comments:

Post a Comment