ස්නානය නිම කළ තියඹරා ලොකු තුවාය දවටා-ගෙනැ නාන කාමරයෙන් එළියට ආ අතර උඩුදැළිය ඇතුළට ගියේ යැ. එ විට මැ වාගේ දොර සීනුව නාද විය. දොර යාම්තමින් විවර කළ තියඹරා දුටුවේ යාබද නිවෙසේ පීරොම්බස් යැ.
පීරොම්බස් - මේ ඔය තුවාය පාත් කළොත් ඔයාට රුපියල් 8000ක් දෙනවා.
තියඹරා එ සේ කළා යැ.
වහා මැ ඇය අතට රුපියල් 8000ක් දුන් පීරොම්බස් යන්නට ගියේ යැ. තියඹරා දොර යළි වසා-දමා නාන කාමරය දෙසට ගියා යැ.
උඩුදැළිය - (නාන කාමරයේ සිට) කවුද ඒ ආවේ ?
තියඹරා - අල්ලපු ගෙදර පීරොම්බස් මහත්තයා.
උඩුදැළිය - එයා මට රුපියල් 8000ක් ණය තියෙනවා. ඒක අද දෙනවයි කිව්වා. ඒ ගැන මොකුත් කිව්වද, මිනිහා ?
තියඹරා - ඔය දීල ගියේ.
Thursday, August 4, 2016
මාව දන්නෙ නෑ...
උඩුදැළිය - අපේ ප්‍රින්සිපල් මහ තකතීරුවෙක් !
අංගනා - මං කවුරු ද කියලා දන්නවද ?
උඩුදැළිය - නැහැ.
අංගනා - මම ප්‍රින්සිපල්ගෙ දුව.
උඩුදැළිය - මං කවුරු ද කියල දන්නවද ?
අංගනා - නැහැ ...
උඩුදැළිය - ඒක හොඳ යි. (සිනාසෙමින් ඉවත් වැ යයි).
අංගනා - මං කවුරු ද කියලා දන්නවද ?
උඩුදැළිය - නැහැ.
අංගනා - මම ප්‍රින්සිපල්ගෙ දුව.
උඩුදැළිය - මං කවුරු ද කියල දන්නවද ?
අංගනා - නැහැ ...
උඩුදැළිය - ඒක හොඳ යි. (සිනාසෙමින් ඉවත් වැ යයි).
දිනුවේ කවුද...
තරුණ උඩුදැළිය දිනෙක 911 ඇමැතී යැ.
උඩුදැළිය - හලෝ, අනේ මට උදව් කරන්නකෝ !
911 - හරි, මොකක් ද වෙලා කියෙන්නේ ?
උඩුදැළිය - මෙතන මේ කෙල්ලෝ දෙන්නෙක් මං හින්ද මාර විදියට රණ්ඩු වෙනවා !
911 - ඉතින් ඕක හදිසි කාරණයක් නෙවෙයි නේ.
උඩුචැළිය - කැත කෙල්ල, ඒ කියන්නේ තියඹරා, දිනන්න වගෙයි නේ යන්නෙ !

කවුද මෝඩයා..
ගුරුවරයා - තමන් මෝඩ යි කියලා හිතන අය නැඟිටින්න.
කිසිවකු නැඟිට්ටේ නැත.
ගුරුවරයා - මට හොඳට ම විශ්වාස යි මේ පන්තියේ මෝඩ අය ඉන්න බව.
කුඩා උඩුදැළිය නැඟී සිටැ-ගති.
ගුරුවරයා - උඩුදැළිය ... තමා හිතනවද තමන් මෝඩ යි කියලා
උඩුදැළිය - නෑ ඉතිං... සර් විතරක් තනියෙම නැඟිටල ඉන්න හින්ද මට දුක හිතුණා.

නියම මොළේ...
නෑසා (NASA) ආයතනය ප්‍රථම වරට අභ්‍යවකාශගාමීන් යැවීම ආරම්භ කළ පසු, ඔවුනට දැනගන්නට ලැබුණු දෙයක් නම්, ශූන්‍ය ගුරුත්වයේ දී බෝල්පොයින්ට් පෑන ක්‍රියා නොකරන බව යි. ශූන්‍ය ගුරුත්වයේ දී, උඩු-යටිකුරු ව, දිය යට, ඕනෑම මතුපිටෙක, සෙල්සියස් අංශක 0 සිට 300 දක්වා ඕනෑ ම උෂ්ණත්වයක දී, බාධාවකින් තොර වැ ලියැවෙන බෝල්පොයින්ට් පෑනක් සංවර්ධනය කිරීම පිණිස නෑසා විද්‍යාඥයෝ වසර දහයක පමණ කාලයක් මෙන් මැ ඩොලර් බිලියන 12ක් පමණ ද වැය කළ හ. එහෙත්, ඔවුනට සාර්ථක විසඳුමක් නොලැබිණි. අවසානයේ දී ඔවුහු ලෝකයේ ඕනෑම කෙනකුට මේ සඳහා සුදුසු යෝජනාවක් ඉදිරිපත් කරන ලෙස ආරාධනය කළ හ. මෙන්නැ උඩුදැළිය විද්‍යාඥයා ගේ යෝජනාව - ''පැන්සලක් පාවිච්චි කරන්න.''
අවසන් ගවුරවේ....
උඩුදැළිය දිනෙක දුම්මාරියස් නමැති අලුත් ක්‍රීඩකයකු සමඟ පිට්ටනියක ගොල්ෆ් ක්‍රීඩා කරමින් හිනි. දුම්මාරියස් ගොල්ෆ් පිත්ත ඔසොවා හරිබරි ගැසුණා පමණකි, අසල මාර්ගයේ අවමංගල්‍ය පෙරහැරක් පැමිණිණි. පහර නතර කළ දුම්මාරියස් සිය ගොල්ෆ් තොප්පිය ගලවා, දෑස් වසා-ගෙනැ, හිස පහත් කැරැ-ගත්තේ යැ. පෙරහැර ඔවුන් පසු කැරැ ගිය පසු, සිය අලුත් ගොල්ෆ් සගයා ගැන බෙහෙවින් පැහැදීමට පත් උඩුදැළිය මෙ සේ කී යැ.
උඩුදැළිය - අද අඳුනගත්ත ඔයා ගැන මං හරියට පැහැදුණා. ඔයා කරපු දේට මගේ හිත කම්පනය වුණා. ඔයා හරිම කරුණාවන්ත මිනිහෙක්.
දුම්මාරියස් - ඔව්, මොනව වුණත් එයයි මායි බැඳලා අවුරුදු 30ක් වුණා නේ.
උඩුදැළිය - අද අඳුනගත්ත ඔයා ගැන මං හරියට පැහැදුණා. ඔයා කරපු දේට මගේ හිත කම්පනය වුණා. ඔයා හරිම කරුණාවන්ත මිනිහෙක්.
දුම්මාරියස් - ඔව්, මොනව වුණත් එයයි මායි බැඳලා අවුරුදු 30ක් වුණා නේ.
(දුම්මාරිය = අහස් දියෙන් වගා කරන කුඹුර)
දැන්නම් මැරිලා...
දිනෙක ඕඩියා ද සමඟ උඩුදැළිය දඩයමේ ගියේ යැ. වනය තුළ දී ඕඩියා සිහි නැති වැ ඇදැ වැටිණි. ඔහුට හුස්ම වැටෙන්නේ නැත, දෑස ද පටලයකින් වැසී-ලා යැ. සිය ජංගම දුරකතනය ගත් උඩුදැළිය හදිසි සේවා අංශය ඇමැතී යැ.
හදිසි සේවා අංශයේ දුරකතන ක්‍රියාකරු පිළිතුරු දිනි.
දුර කතන ක්‍රියාකරු - සුබ සැන්දෑවක්. මේ හදිසි සේවා අංශය යි. ඔබේ ගැටලුව පවසන්න.
උඩුදැළිය - අපි ඉන්නේ මේ සිංහරාජෙ ගල්ගොඩ ගාව. මගේ යාළුවා මැරිලා වැටුණා. මං දැන් මොකද කරන්නේ ?
දුර කතන ක්‍රියාකරු - (සැනැසිලි දායක හඬකින්) කලබල වෙන්න එපා ! අපි උදව් කරන්නම්. සේරට ම ඉස්සෙල්ල තහවුරු කරගන්න එයා හරියට ම මැරිලද කියලා.
මඳ නිහඬතාවකට පසු ''ඩෝං" හඬක් ඇසිණි.
උඩුදැළිය - (යළි දුර තකනයට කතා කරමින්) ඔන්න හරි ! ඊ ළඟට මොකද කරන්නේ ?
(ඕඩිය = දුම් කවුළුව)

අන්දන්න හිතුවා මදි...
කුඩා උඩුදැළිය කරනවෑමි (බාබර්) සාප්පුවට ඇතුළු වී සුපුරුදු උස් අසුනේ වාඩි විය. කරනවෑමියා තමා කොණ්ඩය කපමින් සිටි මිනිසා ගේ කනට කොඳුරා මෙ සේ කී යැ.
කරනවෑමියා - මේ පොඩි එකා තමයි ලෝකෙ ඉන්න මැටි මෝල් ම කොලුවා. ඔන්න බලාගන්නකෝ.
එ සේ පැවැසූ කරනවෑමියා රුපියල් සීයේ කොළයක් එක් අතකටත් රුපියල් පහේ කාසි කිහිපයක් නෙක් අතටත් ගති.
කරනවෑමියා - ළමයෝ, කැමති අතක තියෙන සල්ලි ගන්න පුළුවන්.
රුපියල් පහේ කාසි කිහිපය අතට ගත් උඩුදැළිය ළමයා පිට වී ගියේ යැ.
කොණ්ඩය කපා-ගෙනැ පිටතට පැමිණි මිනිසා දුටුවේ ආයිස්ක්‍රීමයක් කමින් සිටි උඩුදැළිය ළමයා යි.
මිනිසා - ළමයෝ, මං ප්‍රශ්නයක් අහන්නද ? ඇයි සීයෙ කොළේ නොගෙන මාරු කාසි ටික ගත්තේ ?
උඩුදැළිය - (ආයිස්ක්‍රීමය ලෙවකා) රුපියල් සීය ගත්ත ගමන් මේ සෙල්ලම ඉවර වෙනවනේ.

අපේ එක්කෙනාව දෙන්නම්...
අවිවාහක සමයේ දී උඩුදැළිය තරමක් වෙනස් අන්දමේ මංගල දැන්වීමක් පළ කෙළේ යැ.
"බිරියක් වුවමනා කර තිබේ."
ඔහුට පිළිතුරු ලිපි දහස් ගණනක් ලැබිණි. ඒ සැමෙකක මැ සඳහන් වූයේ මෙ සේ යි.
''අපේ එක්කෙනාව දෙන්නම්."
"බිරියක් වුවමනා කර තිබේ."
ඔහුට පිළිතුරු ලිපි දහස් ගණනක් ලැබිණි. ඒ සැමෙකක මැ සඳහන් වූයේ මෙ සේ යි.
''අපේ එක්කෙනාව දෙන්නම්."
අවලියාගෙ සිග්නල් එක...
තියඹරා ද අවලියා ද කාරයේ ගමන් කරමින් සිටිය හ කාරය පැදැවූයේ තියඹරා යි. අවලියා පසු පස අසුනේ යැ.
තියඹරා - මේ අවලියා, සිග්නල් ලයිට් හරියට වැඩ කරනවද බලන්නකෝ.
අවලියා - ඔව්, නෑ, ඔව්, නෑ, ඔව්, නෑ, ඔව්, නෑ ....
තියඹරා - මේ අවලියා, සිග්නල් ලයිට් හරියට වැඩ කරනවද බලන්නකෝ.
අවලියා - ඔව්, නෑ, ඔව්, නෑ, ඔව්, නෑ, ඔව්, නෑ ....
සිගරට් උපදෙස...
කායික අභ්‍යාස උපදේශකවරයකු ලෙස කලක් උඩුදැළිය සේවය කෙළේ යැ.
උඩුදැළිය - සිගරට් බොන කට්ටිය ඉස්සරහට එන්න.
පුහුණු වන්නෝ කිහිප දෙනෙක් ඉදිරියට ආ හ.
උඩුදැළිය - හරි, ඔය සිගරට් නොබොන කට්ටිය පිට්ටනියේ වට දහයක් දුවල එන්න.
ඔවුහු දුවන්නට පටන් ගත් හ.
උඩුදැළිය - ඒගොල්ල එනකම් අපි සිගරට් එකක් බොමු නේද.. එහෙනම්.

ඉතුරු තීන්ත...
උඩුදැළිය පවුල අලුතින් නිවෙසක් මිලට ගෙන එහි ඇතුළත සරසන්නට පටන් ගත් හ.
තියඹරා - වස්තුවේ උඩූ .... අල්ලපු ගෙදරට ගිහිල්ල අහන්නකෝ එයාලට ලීටරේ තීන්ත බාජන කීයක් ගියා ද කියලා. මේ ගෙවල් දෙක ම එක සමාන නේ.
අල්ලපු ගෙදරට ගිය උඩුදැළියට එහි සිටි පීරොම්බස් ගෙන් දැනැ-ගන්නට ලැබුණේ ඔවුනට තීන්ත බඳුන් 20ක් ගෙනා බව යි. ඒ නිසා උඩුදැළියලා ද තීන්ත බඳුන් 20ක් ගෙනා හ. එහෙත්, තීන්ත ගා අවසානයේ දී තීන්ත බදුන් 5ක් මැ ඉතිරි විණි. කෝපයට පත් උඩුදැළිය අල්ලපු නිවෙසට දිවැ ගියේ යැ.
උඩුදැළිය - ඒයි, ජරා මනුස්සයෝ, ඇයි මට ඇත්ත නොකිව්වේ ? තීන්ත බඳුන් 5ක් ම ඉතුරු වුණා නේ.
පීරොම්බස් - ඇත්ත තමයි මං කිව්වේ. අපෙත් 5ක් ඉතුරු වුණා.

පැරාෂුට් වොරන්ටිය...
පීරොම්බස් - මේ මට පැරෂූට් ඒකක් ගන්න පුළුවන් ද ?
උඩුදැළිය - මේ තියෙන්නෙ හොද වර්ගයක්. මේක දාගෙන පැනලා දහයට ගණිනකොට දිග අැරෙනවා.
පීරොම්බස් - 10ට ගණිද්දි දිග අැරුණෙ නැත්නම් ?
උඩුදැළිය - අාපහු ගේන්න, මාරු කරලා දෙන්නම්.
(ස්තූතිය - වසන්ත නාවලගේ මහාත්මයාට)
උඩුදැළිය - මේ තියෙන්නෙ හොද වර්ගයක්. මේක දාගෙන පැනලා දහයට ගණිනකොට දිග අැරෙනවා.
පීරොම්බස් - 10ට ගණිද්දි දිග අැරුණෙ නැත්නම් ?
උඩුදැළිය - අාපහු ගේන්න, මාරු කරලා දෙන්නම්.
(ස්තූතිය - වසන්ත නාවලගේ මහාත්මයාට)
ප්‍රශ්න පත්තරේ ට නියම උත්තරේ...
විභාග ප්‍රශ්න පත්‍රවලට උඩුදැළිය ගේ පිළිතුරුවලින් තවත් සමහරක්.
01. ආහාර ජීරණ ක්‍රියාවලිය විස්තර කරන්න.
- එය දකුණු අතින් පටන් ගෙන වම් අතින් අවසාන වන ක්‍රියාවලියකි.
- එය දකුණු අතින් පටන් ගෙන වම් අතින් අවසාන වන ක්‍රියාවලියකි.
02. විරුද්ධ පද ලියන්න.
හොඳ - ......... නරක
කළු - ....... සුදු
නියම - ........ චීන
හොඳ - ......... නරක
කළු - ....... සුදු
නියම - ........ චීන
03. ඔබ නිල් මුහුදට රතු ගල් කැටයක් වීසි කළොත් කුමක් සිදු වේ ද ?
- ගල තෙමෙනවා.
- ගල තෙමෙනවා.
04. මිනිසකුට දින අටක් නො නිදා සිටිය හැකි වන්නේ කෙසේ ද ?
- අයියෝ, එයා රෑට නිදා ගන්නවනේ.
- අයියෝ, එයා රෑට නිදා ගන්නවනේ.
05. වෝල්ට් 3නේ ජංගම දුරකතනයක් 240 වෝල්ට් ජව සැපැයුමකින්
ආරෝපණය කිරීමේ දී ගන්නා ට්‍රෑන්ස්ෆෝමරය ?
- ඔප්ටිමස් ප්‍රායිම්.
ආරෝපණය කිරීමේ දී ගන්නා ට්‍රෑන්ස්ෆෝමරය ?
- ඔප්ටිමස් ප්‍රායිම්.
06. නම් කරන්න ...
අ) ඝන ද්‍රව්‍යයක් - ............. කක්කා
ආ) ද්‍රවයක් - ............. චූ
ඇ) වායුවක් - ........... චූස්.
අ) ඝන ද්‍රව්‍යයක් - ............. කක්කා
ආ) ද්‍රවයක් - ............. චූ
ඇ) වායුවක් - ........... චූස්.
07. නිමාලි මෙ සේ ලීවා ය. ''මම බොරු නො කියමු."
ඇය වැරැදි ඇයි.
- ගෑනියෙක් හින්දා.
ඇය වැරැදි ඇයි.
- ගෑනියෙක් හින්දා.
08. තනිකර ම ආක්ටික් පෙදෙසේ පමණක් වෙසෙන සතුන් සය දෙනකු ලියන්න.
- හිම වළස්සු හය දෙනෙක්.
- හිම වළස්සු හය දෙනෙක්.
09. මහත්මා ගාන්ධිටත් ජෙන්ඝිස් ඛාන්ටත් පොදු වූ දෙයක් ලියන්න.
- අමුතු නම්.
- අමුතු නම්.
10. පටි පණුවන් ද්විලිංගික යැයි කියනු ලැබේ. මින් අදහස් වන්නේ කුමක් ද ?
- ජරා ''ගෙයි" සත්තු. (gay)
- ජරා ''ගෙයි" සත්තු. (gay)
තියඹරා ට පොලිස් රස්සාවක්...
පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියාවකට අයැදුම් කළ තියඹරා සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳැවනු ලැබිණි.
නිලධරයා - 2+2 කීය ද ?
තියඹරා - ම් ... ම් .... ම් ... 4 යි නේ ද ?
නිලධරයා - 100යේ වර්ග මූලය මොකක් ද ?
තියඹරා - ම් ... මේ ... ම් .... ම් ... 10ය නේ ?
නිලධරයා - බොහොම හොඳ යි. එයිබ්‍රහෑම් ලින්කන්ව මැරුවේ කවුද ?
තියඹරා - ම් ... මේ ... ම් ... දන්නෙ නෑ.
නිලධරයා - හොඳ යි, මිස්. දැන් ගිහිල්ලා, හොඳට කල්පනා කරලා, ඒ කවුද කියලා හොයා-ගෙන හෙට එන්න.
නිවෙසට පැමිණි තියඹරා ගෙන් ඇගේ මව මෙ සේ ඇසුවා යැ.
මව - මොකද ළමයෝ, රස්සාව හම්බු වුණා ද ?
තියඹරා - හම්බු වුණාදත් අහනවා. අද ම මට මිනී මැරුමක් හොයන්න බාර දුන්නා.

ප්‍රශ්න පත්තරේ...
උඩුදැළිය පාසල් යන කාලයේ ප්‍රශ්න පත්‍රවලට දුන් පිළිතුරුවලින් තෝරා-ගත් කිහිපයෙකි මේ.
01. 1896න් අවසන් වූයේ කුමක් ද
1895.
1895.
02. ලොව ශක්තිමත් ම බලය කුමක් ද ?
ආදරය.
ආදරය.
03. විහිදුවා ලියන්න
(a+b)n
(a+b)n
(a ...+... b) ...n
(a......+......b)......n
(a.......... +.......... b).......... n
(a......+......b)......n
(a.......... +.......... b).......... n
04. දැඩි ජලය යනු කුමක් ද ?
අයිස්.
අයිස්.
05. ජීවීන් වර්ගීකරණය යනු කුමක් ද ?
වර්ග භේද වාදය.
වර්ග භේද වාදය.
06. අ) 180 ද 158 ද අතර වෙනස ........
22.
ආ) ඉහත ගැටලුවට පිළිතුර සොයා-ගත් ආකාරය විස්තර කරන්න.
ගණිතයෙන්.
22.
ආ) ඉහත ගැටලුවට පිළිතුර සොයා-ගත් ආකාරය විස්තර කරන්න.
ගණිතයෙන්.
07. ඇමෙරිකා නිදහස් ප්‍රකාශනය අත්සන් කළේ කොතැන ද?
එහි පහළින් ය.
එහි පහළින් ය.
08. හේතුව - පීරොම්බස් දිනකට විනාඩි 20ක් පියෑනෝ වාදනය පුහුණු වෙයි.
ප්‍රතිඵලය - එයා හරිම ආනාදියෙක්.
ප්‍රතිඵලය - එයා හරිම ආනාදියෙක්.
09. මුළින් ම ඇති වූ සෛල බොහෝ දුරට ....
පාළුවෙන් ඉන්න ඇත.
පාළුවෙන් ඉන්න ඇත.
10. සෛල මධ්‍යයේ ක්‍රෝමසෝම පේළිගැසෙන්නේ කුමන අවස්ථාවේ දී ද ?
ඒක රහසක්.
ඒක රහසක්.
11. පීරොම්බස් ළඟ කෙයික් කෑලි 50ක් ඇත. හෙතෙම ඉන් කෑලි 48ක් ම කයි.
ඔහුට දැන් ඇත්තේ ........ ?
දියවැඩියාව. මළ ඉලව් දියවැඩියාව.
ඔහුට දැන් ඇත්තේ ........ ?
දියවැඩියාව. මළ ඉලව් දියවැඩියාව.
තියඹරා ට රස්සාවක්...
තරුණ කාලයේ රැකියාවක් සොයමින් සිටි තියඹරාට ගමේ ෆාමසියේ වැඩ කරන්නට අවස්ථාව ලැබිණි. දෙ වැනි දිනයේ ෆාමසියේ හිමිකරුට දෙතුන් දිනෙක ගමනක් යෑමට සිදු වුණු බැවින් තනි වැ වැඩ කිරීමට හැකි දැයි හෙතෙම තියඹරා ගෙන් ඇසී යැ.
තියඹරා - පුළුවන් බොස්, හැබැයි මේ උපත් පාලන කොපු විකුණන එක තමයි ප්‍රශ්නේ. මට හරිම ලැජ්ජ යි.
හිමිකරු - ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. මිනිස්සු උපත් පාලන කොපු හරි කොන්ඩෝම හරි කියල ඉල්ලන්නෙ නෑ. එයාල ඉල්ලන්නෙ 310 (කුඩා), 320 (මධ්‍යම) නැත්නම් 330 (විශාල) කියලා.
පළමු දිනය හොඳින් ගෙවිණි. දෙ වැනි දිනයේ ෆාමසියට පැමිණි විශාල දේහයකින් යුතු මිනිසෙක් අත දිගු කැරැ, "350 යි," යැයි කී යැ.
තියඹරා ගේ ඇඟ හිරි ගඩු පිපිණි.
වහා ඇතුළට ගිය ඕ තොමෝ අයිතිකරු ගේ ජංගම දුරකතනයට කතා කොට තමාට සිදු වූ අකරතැබ්බය ගැන කියා සිටියා යැ.
හිමිකරු - බලන්න, මිනිහා කකුල් දෙක අතරෙ බාල්දියක් තියා-ගෙන ඉන්නවද කියලා.
දොර තීරුවෙන් එබී බැලු ඇය දුටුවේ මිනිසා දෙ පා අතර බාල්දියක් සිර කැරැ-ගෙන සිටිනා බව යි.
තියඹරා - ඔව්, බොස්, බාල්දියක් හිර කරගෙන තමයි ඉන්නේ.
හිමිකරු - එහෙනම්, ගිහිල්ලා මිනිහට රුපියල් 350ක් දෙන්න. ඒ අපේ ජනේල පිහදාන මනුස්සයා.
(ස්තූතිය - රන්කිරි ගුණතිලක හිතවතාට)

දූෂණ උපකරණ...
විනිශ්චයකරු - යුෂ්මතා විෂ මත්පැන් පෙරුවා, එහෙනම් ?
පීරොම්බස් - මම ? නෑ !
විනිශ්චයකරු - මොකද නෑ කියන්නේ ? ඒකට අවශ්‍ය උපකරණ යුෂ්මතා ළඟ තිබිලා පොලිසිය හොයා-ගත්තනෙ.
රොම්බස් - එහෙනම්, මට දූෂණ චෝදනාවකුත් එන්න එපායැ !
විනිශ්චයකරු - ඇයි කාව හරි දූෂණය කළාත් එක්ක ද ?
පීරොම්බස් - නැහැ, ඒත් අවශ්‍ය උපකරණ තියෙනවනේ!

අවංක රියැදුරා..
පොලිස් නිලධර උඩුදැළිය කාරයක් නතර කරයි.
උඩුදැළිය - ආරක්ෂක පටි පැළඳගෙවන ඉන්න නිසා, අපි ඔය මහත්තයට රුපියල් 500ක් තෑග්ගක් දෙනවා. මේ සල්ලිවලින් මොනවද කරන්නේ ?
පීරොම්බස් - ලයිසන් එක ගන්න රියදුරු පුහුණු පන්තියකට යනවා.
අංගනා - මෙයා කියන ඒවා අහන්න එපා, සර්. බීල ඉන්න කොට ඔහොම ම තමයි.
මකුළුවැන්න (පසුපස අසුනේ සිට) - මං කිව්වනේ හොරකම් කරපු කාර් එකකින් වැඩි දුර යන්න ලැබෙන්නෙ නෑ කියලා !
ඩිකියෙන් හඬක් - මේ, තාම පොලිස් බාධක මුර පොල පහු වුණේ නැද්ද ?

පොලිස් කතා...
දොරට තට්ටු කරන හඬ ඇසෙයි.
පීරොම්බස් - ඔය කවුද ?
උඩුදැළිය - අපි මේ පොලිසියෙන් !
පීරොම්බස් - මොකද දන්නෙ නෑ ?
උඩුදැළිය - අපිට කතා කරන්න ඕනෑ.
පීරොම්බස් - ඔතන කී දෙනෙක් ඉන්නවද ?
උඩුදැළිය - දෙන්න යි.
පීරොම්බස් - ඉතින්, ඔය දෙන්න එක්ක කතා කරගන්න එක නේ තියෙන්නේ.

ජල හිගයට පිළියම....
උඩුදැළිය පිහිනුම් තටාකයක් භාර වැ සිටි සමයේ අධික ජල හිඟයක් ඇති විණි. මේ ඒ වෙනුවෙන් උඩුදැළිය සවි කළ දැන්වීමකි.
''රටේ උග්‍ර ජල හිඟය හේතු කොටගෙන පිහිනුම් තටාකයේ 5 වැනි ද 6 වැනි ද මං තීරු වැසීමට තීරණය කරන ලදී."
''රටේ උග්‍ර ජල හිඟය හේතු කොටගෙන පිහිනුම් තටාකයේ 5 වැනි ද 6 වැනි ද මං තීරු වැසීමට තීරණය කරන ලදී."
ෆයිනල් නෝටිස්...
කාලයකට පසු උඩුදැළිය සතුටින් සිටිනු දිටිමි.
මම - ඔබතුමා අද බොහොම සතුටින් ඉන්නව නේ ද ?
උඩුදැළිය - ඔව් නේ.
මම - ඇයි ඒ ?
උඩුදැළිය - මෙහෙමනේ. අවුරුදු විස්සක් තිස්සේ ආදායම් බදු කට්ටිය මගේ පස්සෙන් පන්නනවා. මගෙ සල්ලි මිරිකලා ගන්න මාව පිස්සු වට්ටනවා. හරිම වදයක්. අද උදේ එයාලගෙන් මට ලියමනක් ආවා ''අවසන් නිවේදනය" කියලා. දෙයියන්ට පින් සිද්ද වෙන්න අදින් පස්සේ ඒ කරදරෙත් ඉවර යි.

ප්‍රශ්නෙට ප්‍රශ්නෙ..
දිනෙක මට උඩුදැළිය සමු වීමේ වාසනාව ලැබිණි.
මම - උඩුදැළිය මහත්තයෝ, ඔබතුමා ගෙන් ප්‍රශ්නයක් අහන ඕන වෙලාවක ඔබතුමා ප්‍රශ්නයකින් ම උත්තර දෙනවා කියන්නෙ ඇත්තද ?
උඩුදැළිය - කවුද ඔය කතාව කිව්වේ ?
මම - උඩුදැළිය මහත්තයෝ, ඔබතුමා ගෙන් ප්‍රශ්නයක් අහන ඕන වෙලාවක ඔබතුමා ප්‍රශ්නයකින් ම උත්තර දෙනවා කියන්නෙ ඇත්තද ?
උඩුදැළිය - කවුද ඔය කතාව කිව්වේ ?
මලේ හැඩය..
එළවුළු, මල්, පළතුරු සාකච්ඡාවක් ...
ගෝවා - මං නිකම් ගෙඩියක් වගේ, නේ ද ?
හත්ත - මගේ හිතේ මං කුඩයක් වගේ.
කජු ගෙඩිය - මම නම් වකුගඩුවක් වගේ.
කෙසෙල් ගෙඩිය - මේ සාකච්ඡාවට මම කැමති නෑ.
ඇන්තූරියම් මල - මටත් මේ කතාව අල්ලන්නෙම නෑ.
ගෝවා - මං නිකම් ගෙඩියක් වගේ, නේ ද ?
හත්ත - මගේ හිතේ මං කුඩයක් වගේ.
කජු ගෙඩිය - මම නම් වකුගඩුවක් වගේ.
කෙසෙල් ගෙඩිය - මේ සාකච්ඡාවට මම කැමති නෑ.
ඇන්තූරියම් මල - මටත් මේ කතාව අල්ලන්නෙම නෑ.
නියම ප්‍රොක්ටර්..
මිලියන ගණනාවක් වංචා කිරීම සම්බන්ධයෙන් එක්තරා සමාගමක් විසින් පීරොම්බස්ට විරුද්ධ ව නඩු පවරන ලදී. පීරොම්බස් වෙනුවෙන් පෙනී සිටියේ උඩුදැළිය නීතීඥවරයා යි. නඩුව ආරම්භයේ දී මැ උඩුදැළිය නීතීඥවරයා කාරුණික ලෙස පීරොම්බස්ට කියා සිටියේ මෙ සේ යි -
උඩුදැළිය - කිසි දේකට බය වෙන්න එපා. ඔය තරම් සල්ලි එක්ක ඔයාට කවදා වත් හිරේට යන්න මං ඉඩ තියන්නෙ නෑ.
උඩුදැළිය පැවැසූ දේ අන්තිමට සැබෑ විණි. අවසානයේ පීරොම්බස් සිරයට ගියේ යැ. ඒ වන විට ඔහු ළඟ සතයක් වත් ඉතිරි වැ නො තිබිණි.

එළදෙනගේ රාජකාරිය...
උඩුදැළිය දෙකේ පන්තියේ සිටිය දී ....
ගුරුවරිය - ළමායි, කිකිළි අපට දෙන්නෙ මොනවද ?
වල්දිලියස් - බිත්තර !
ගුරුවරිය - බොහොම හොද යි. මීමැස්සා අපට දෙන්නෙ මොනවද ?
පීරොම්බස් - මී පැණි !
ගුරුවරිය - අපූරු යි ! එහෙනම්, කියන්න බලන්න එළ දෙන අපට දෙන්නෙ මොනවද කියලා ?
උඩුදැළිය - ගෙදර වැඩ !
වල්දිලියස් - බිත්තර !
ගුරුවරිය - බොහොම හොද යි. මීමැස්සා අපට දෙන්නෙ මොනවද ?
පීරොම්බස් - මී පැණි !
ගුරුවරිය - අපූරු යි ! එහෙනම්, කියන්න බලන්න එළ දෙන අපට දෙන්නෙ මොනවද කියලා ?
උඩුදැළිය - ගෙදර වැඩ !
කක්කා වෙලාව..
උඩුදැළිය - අනේ මට මොනව හරි කරන්න, ඩොක්ටර්. මට හැම දා ම උදේ 7.00ට ශරීර කෘත්‍යය සිදු වෙනවනේ.
වෛද්‍යවරයා - ඒක හොඳ සෞඛ්‍ය සම්පන්න දෙයක් නේ, මිස්ටර් උඩුදැළිය.
උඩුදැළිය - ඒ වුණාට මට ඇහැරෙන්නේ උදේ 8.30ට නේ.
වෛද්‍යවරයා - ඒක හොඳ සෞඛ්‍ය සම්පන්න දෙයක් නේ, මිස්ටර් උඩුදැළිය.
උඩුදැළිය - ඒ වුණාට මට ඇහැරෙන්නේ උදේ 8.30ට නේ.
හරි ළමයා...
පහළ බාළාංශ පන්තියේ සිට දරුවා ගෙදර රැගෙන ආ උඩුදැළිය සිය බිරිය ගෙන්, තියඹරා ගෙන්, මෙ සේ ඇසී යැ.
උඩුදැළිය - ගෙදර එන ගමන් අඬ-අඬාමයි මෙයා අාවේ. ඔය තාමත් අඬනවා. මොකද අසනීපයක් වත් ද ?
තියඹරා - අනේ, අම්මපා, මේ ළමයා දිගට ම කියන්න හදලා තියෙන්නේ එයා අපේ අට්ටපාල නෙවෙයි කියලා.
උඩුදැළිය - ගෙදර එන ගමන් අඬ-අඬාමයි මෙයා අාවේ. ඔය තාමත් අඬනවා. මොකද අසනීපයක් වත් ද ?
තියඹරා - අනේ, අම්මපා, මේ ළමයා දිගට ම කියන්න හදලා තියෙන්නේ එයා අපේ අට්ටපාල නෙවෙයි කියලා.
මූලග්ගායට බේත..
දුම් රියෙක යන පෙම් යුවලකි.
තරුණිය - මගෙ අත රිදෙනවා, අනේ.
තරුණය ඇගේ අත සිපැ-ගනියි.
තරුණිය - මගේ බෙල්ල රිදෙනවා, අනේ.
තරුණයා ඇගේ ගෙල සිපැ-ගනියි.
අසල අසුනෙක හුන් මහලු උඩුදැළිය - මේ, පුතේ, ඔයා මූලග්ගායටත් බේත් කරනවද අනේ ?
තරුණිය - මගෙ අත රිදෙනවා, අනේ.
තරුණය ඇගේ අත සිපැ-ගනියි.
තරුණිය - මගේ බෙල්ල රිදෙනවා, අනේ.
තරුණයා ඇගේ ගෙල සිපැ-ගනියි.
අසල අසුනෙක හුන් මහලු උඩුදැළිය - මේ, පුතේ, ඔයා මූලග්ගායටත් බේත් කරනවද අනේ ?
ඔක්කොම යන්නෙ පස්සට..
එක් දිශාවකට පමණක් ගමන් කළ යුතු මාර්ගයෙක වැරැදි දිශාවට රිය පදවා-ගෙන යමින් හුන් පීරොම්බස්ව පොලිස් නිලධරයකු විසින් නතර කැරිණි.
පොලිස් නිලධරයා - මේ යන්නෙ කොහෙද කියල තමුන් දන්නවද ?
පීරොම්බස් - නැහැ. කොහෙ වුණත් නරක තැනකට වෙන්න ඕනෑ. මොකද මේ සේරම ආපහු යනවනේ.
පොලිස් නිලධරයා - මේ යන්නෙ කොහෙද කියල තමුන් දන්නවද ?
පීරොම්බස් - නැහැ. කොහෙ වුණත් නරක තැනකට වෙන්න ඕනෑ. මොකද මේ සේරම ආපහු යනවනේ.
කොළුවා බයිසිකල් පැද්ද හැටි..
රැකියාවට අදාළ තරුණක් නිසා විදෙස් සංචාරයක නිරත වුණු උඩුදැළිය මාස කිහිපයකට පසු යළි ගමට ආයේ යැ. රුපියල් 30,000ක් පමණ වටිනා මවුන්ටන් බයිසිකලයක් අට්ටපාලට ලැබී තිබෙනු දුටු හෙතෙම විස්මයට පත් වියැ.
''කොහොම ද පුතේ ඔය බයිසිකලය හම්බු වුණේ ?" යි හෙතම ඇසී යැ.
''ඇවිදින්න ගිහිල්ලා," යි අට්ටපාල පිළිතුරු දිනි.
''මොනවා, ඇවිදින්න ගිහිල්ලා ?" යි උඩුදැළිය විමැසී යැ.
''ඔව්, හැම හැන්දෑවක ම තාත්තෙග බොස් අපේ ගෙදර ආවා. රවුමක් ඇවිදලා එන්න කියලා හැම දා ම මට රුපියල් 2,000ක් දුන්නා.

බල්ලට ගිල්වූ පෙත්ත...
බොහෝ වෙහෙසට පත් පෙනුමකින් යුතු වැ තියඹරා වෛද්‍ය අඩතෝට්ටු (දොරක් අඩවල් වූ) වෙත පැමිණියා යැ. “ඩොක්ටර්, අපේ පැත්තේ බල්ලෝ වැහි වැහැලා. මුළු දවස පුරා යි, රෑ තිස්සෙයි උන්ගෙ වැඩ බුරන එක ම යි. මට ඇහැක් පියා-ගන්න දෙන්නෙම නැහැ !”
“බය වෙන්න එපා,” යි වෛද්‍ය අඩතෝට්ටු, සෑම්පල ලෙසින් ලැබී තිබුණු බෙහෙත් වර්ග පිරි ලාච්චුවක් අතපත ගාමින්, පිළිතුරු දිනි. “මෙන්න තියෙනවා විදුලි වේගෙන් වැඩ කරන අලුත් නිදි පෙති වර්ගයක්. මේකෙන් ඔයාගෙ ප්‍රශ්නෙ විසඳේ වි.”
“නියම යි,” යැයි තියඹරා පිළිතුරු දුන්නා යැ. “මට දැන් මොනව හරි කමක් නෑ කරලා බලන්න යි වෙලා තියෙන්නේ. මේකත් කරලා බලමුකෝ.”
සති කිහිපයකට පසු යළිත් වෛද්‍යවරයා වෙත ආයේ පෙරටත් වඩා ඇදී පැදී ගොසිනි. “ඩොක්ටර්, ඔයාගෙ ප්ලෑන් එක සත පහක වැඩක් නෑ. මට දැන් කලින්ටත් වඩා අමාරු යි !”
“එහෙම වෙන්න බෑ නේ !” යි වෛද්‍ය අඩතෝට්ටු ඊට විරුද්ධ විය. “දැනට තියෙන හොඳ ම පෙත්ත තමයි මම ඔයාට දුන්නේ.”
“ඒක ඇත්ත වෙන්න ඇති,” යි යනු තියඹරා ගේ පිළිතුර විය. “ඒ වුණාට මම තාමත් මහ රෑ බල්ලො පස්සෙ දුවනවා.”
“ඒ මොනවට ද ?” යි වෛද්‍යවරයා විමැසී යැ.
“ඇයි උන්ව අල්ලන්න එපායැ. අමාරුවෙන් එකෙක් ඇල්ලවා කියමුකෝ. ඒ ඇල්ලුවත් ඒකට පෙත්ත ගිල්ලන්න ගියාම මගෙ රිස්ස යනවා !”

මාස තුනේ පඩි..
කර්මාන්තශාලාවක් තුළ අරමුණකින් තොර වැ මිනිසෙක් සිටැ-ෙගන සිටියේ යැ.
ඒ තැනට පැමිණි ප්‍රධාන අධීක්ෂණ නිලධර උඩුදැළිය ඔහු ගෙන් වැටුප කීය දැයි අැසී යැ.
"රුපියල් 5000 යි, සර්," යැයි මිනිසා පිළිතුරු දිනි.
සිය වොලට්ටුවෙන් රුපියල් 15,000ක් මැ ගත් ප්‍රධාන අධීක්ෂණ නිලධර උඩුදැළිය ඒය මිනිසා අතට දී,
"අපි මෙතන පඩි ගෙවන්නෙ වැඩ කරන්න මිසක් කාලය කන්න නෙවෙයි. මෙන්න මාස තුනක පඩි. දැන් යන්න පුළුවන්. අායෙ මේ පැත්ත පළාතෙ ඒන්න ඒපා !" යි අණ දිනි.
මිනිසා පිට වැ ගියේ යැ.
අධීක්ෂණ නිලධර උඩුදැළිය, "කවුද ඒ් කම්මැලියා ?" යි ඒහි සිටි සේවකයන් ගෙන් විමැසී යැ.
''ඒ් සර්, කූරියර්කාරයනේ," යි සේවකයකු පිළිතුරු දිනි.

Subscribe to:
Comments (Atom)