Thursday, August 4, 2016

ණය හිලව්ව...

ස්නානය නිම කළ තියඹරා ලොකු තුවාය දවටා-ගෙනැ නාන කාමරයෙන් එළියට ආ අතර උඩුදැළිය ඇතුළට ගියේ යැ. එ විට මැ ව‍ාගේ දොර සීනුව නාද විය. දොර යාම්තමින් විවර කළ තියඹරා දුටුවේ යාබද නිවෙසේ පීරොම්බස් යැ.
පීරොම්බස් - මේ ඔය තුවාය පාත් කළොත් ඔයාට රුපියල් 8000ක් දෙනවා.
තියඹරා එ සේ කළා යැ.
වහා මැ ඇය අතට රුපියල් 8000ක් දුන් පීරොම්බස් යන්නට ගියේ යැ. තියඹරා දොර යළි වසා-දමා නාන කාමරය දෙසට ගියා යැ.
උඩුදැළිය - (නාන කාමරයේ සිට) කවුද ඒ ආවේ ?
තියඹරා - අල්ලපු ගෙදර පීරොම්බස් මහත්තයා.
උඩුදැළිය - එයා මට රුපියල් 8000ක් ණය තියෙනවා. ඒක අද දෙනවයි කිව්වා. ඒ ගැන මොකුත් කිව්වද, මිනිහා ?
තියඹරා - ඔය දීල ගියේ.

මාව දන්නෙ නෑ...

උඩුදැළිය - අපේ ප්‍රින්සිපල් මහ තකතීරුවෙක් !
අංගනා - මං කවුරු ද කියලා දන්නවද ?
උඩුදැළිය - නැහැ.
අංගනා - මම ප්‍රින්සිපල්ගෙ දුව.
උඩුදැළිය - මං කවුරු ද කියල දන්නවද ?
අංගනා - නැහැ ...
උඩුදැළිය - ඒක හොඳ යි. (සිනාසෙමින් ඉවත් වැ යයි).

දිනුවේ කවුද...

තරුණ උඩුදැළිය දිනෙක 911 ඇමැතී යැ.
උඩුදැළිය - හලෝ, අනේ මට උදව් කරන්නකෝ !
911 - හරි, මොකක් ද වෙලා කියෙන්නේ ?
උඩුදැළිය - මෙතන මේ කෙල්ලෝ දෙන්නෙක් මං හින්ද මාර විදියට රණ්ඩු වෙනවා !
911 - ඉතින් ඕක හදිසි කාරණයක් නෙවෙයි නේ.
උඩුචැළිය - කැත කෙල්ල, ඒ කියන්නේ තියඹරා, දිනන්න වගෙයි නේ යන්නෙ !

කවුද මෝඩයා..

ගුරුවරයා - තමන් මෝඩ යි කියලා හිතන අය නැඟිටින්න.
කිසිවකු නැඟිට්ටේ නැත.
ගුරුවරය‍ා - මට හොඳට ම විශ්වාස යි මේ පන්තියේ මෝඩ අය ඉන්න බව.
කුඩා උඩුදැළිය නැඟී සිටැ-ගති.
ගුරුවරයා - උඩුදැළිය ... තමා හිතනවද තමන් මෝඩ යි කියලා 
උඩුදැළිය - නෑ ඉතිං... සර් විතරක් තනියෙම නැඟිටල ඉන්න හින්ද මට දුක හිතුණා.

නියම මොළේ...

නෑසා (NASA) ආයතනය ප්‍රථම වරට අභ්‍යවකාශගාමීන් යැවීම ආරම්භ කළ පසු, ඔවුනට දැනගන්නට ලැබුණු දෙයක් නම්, ශූන්‍ය ගුරුත්වයේ දී බෝල්පොයින්ට් පෑන ක්‍රියා නොකරන බව යි. ශූන්‍ය ගුරුත්වයේ දී, උඩු-යටිකුරු ව, දිය යට, ඕනෑම මතුපිටෙක, සෙල්සියස් අංශක 0 සිට 300 දක්වා ඕනෑ ම උෂ්ණත්වයක දී, බාධාවකින් තොර වැ ලියැවෙන බෝල්පොයින්ට් පෑනක් සංවර්ධනය කිරීම පිණිස නෑසා විද්‍යාඥයෝ වසර දහයක පමණ කාලයක් මෙන් මැ ‍‍ඩොලර් බිලියන 12ක් පමණ ද වැය කළ හ. එහෙත්, ඔවුනට සාර්ථක විසඳුමක් නොලැබිණි. අවසානයේ දී ඔවුහු ලෝකයේ ඕනෑම කෙනකුට මේ සඳහා සුදුසු යෝජනාවක් ඉදිරිපත් කරන ලෙස ආරාධනය කළ හ. මෙන්නැ උඩුදැළිය විද්‍යාඥයා ගේ යෝජනාව - ''පැන්සලක් පාවිච්චි කරන්න.''

අවසන් ගවුරවේ....

උඩුදැළිය දිනෙක දුම්මාරියස් නමැති අලුත් ක්‍රීඩකයකු සමඟ පිට්ටනියක ගොල්ෆ් ක්‍රීඩා කරමින් හිනි. දුම්මාරියස් ගොල්ෆ් පිත්ත ඔසොවා හරිබරි ගැසුණා පමණකි, අසල මාර්ගයේ අවමංගල්‍ය පෙරහැරක් පැමිණිණි. පහර නතර කළ දුම්මාරියස් සිය ගොල්ෆ් තොප්පිය ගලවා, දෑස් වසා-ගෙනැ, හිස පහත් කැරැ-ගත්තේ යැ. පෙරහැර ඔවුන් පසු කැරැ ගිය පසු, සිය අලුත් ගොල්ෆ් සගයා ගැන බෙහෙවින් පැහැදීමට පත් උඩුදැළිය මෙ සේ කී යැ.
උඩුදැළිය - අද අඳුනගත්ත ඔයා ගැන මං හරියට පැහැදුණා. ඔයා කරපු දේට මගේ හිත කම්පනය වුණා. ඔයා හරිම කරුණාවන්ත මිනිහෙක්.
දුම්මාරියස් - ඔව්, මොනව වුණත් එයයි මායි බැඳලා අවුරුදු 30ක් වුණා නේ.
(දුම්මාරිය = අහස් දියෙන් වගා කරන කුඹුර)

දැන්නම් මැරිලා...

දිනෙක ඕඩියා ද සමඟ උඩුදැළිය දඩයමේ ගියේ යැ. වනය තුළ දී ඕඩියා සිහි නැති වැ ඇදැ වැටිණි. ඔහුට හුස්ම වැටෙන්නේ නැත, දෑස ද පටලයකින් වැසී-ලා යැ. සිය ජංගම දුරකතනය ගත් උඩුදැළිය හදිසි සේවා අංශය ඇමැතී යැ. 
හදිසි සේවා අංශයේ දුරකතන ක්‍රියාකරු පිළිතුරු දිනි.
දුර කතන ක්‍රියාකරු - සුබ සැන්දෑවක්. මේ හදිසි සේවා අංශය යි. ඔබේ ගැටලුව පවසන්න.
උඩුදැළිය - අපි ඉන්නේ මේ සිංහරාජෙ ගල්ගොඩ ගාව. මගේ යාළුවා මැරිලා වැටුණා. මං දැන් මොකද කරන්නේ ?
දුර කතන ක්‍රියාකරු - (සැනැසිලි දායක හඬකින්) කලබල වෙන්න එපා ! අපි උදව් කරන්නම්. සේරට ම ඉස්සෙල්ල තහවුරු කරගන්න එයා හරියට ම මැරිලද කියලා.
මඳ නිහඬතාවකට පසු ''ඩෝං" හඬක් ඇසිණි.
උඩුදැළිය - (යළි දුර තකනයට කතා කරමින්) ඔන්න හරි ! ඊ ළඟට මොකද කරන්නේ ?
(ඕඩිය = දුම් කවුළුව)